• Kohoma Hari Godagiya - කොහොම හරි ගොඩගියා

පසුදා උදෑසන රූගත කිරීම් තිබුණේ වෙරළ අද්දර ය; ඒ, මාලනී ෆොන්සේකා සහ විජය කුමාරතුංගගේ සිප ගැනීමේ දර්ශනයකි. නානා ප්‍රකාර මිනිසුන්ගෙන් වෙරළ තීරය පිරී තිබිණි. සියල්ල සූදානම් කර අධ්‍යක්ෂකවරයා ඇක්ෂන් කිව්වා පමණි මහා විශාල මුහුදු රැල්ලක් පැමිණ මාලනී ෆොන්සේකා ඇඳ සිටි චිත්තය සම්පූර්ණයෙන් ම තෙමී ගිය ආකාරය මට අද මෙන් මතක ය.

ඉතා ඉක්මනින් ඇයට වෙන චිත්තයක් ලබා දී තෙමුණු චිත්තයේ වතුර මිරිකා ගසා වේළා ගැනීමට අධ්‍යක්ෂකවරයාට සිදුවිය. ටික වේලාවකට පසු වේළීමට දමා තිබූ චිත්තය ගෙන ඒමට සුදු අයියා මට අණ කළ සැටිත්, ඔරුවක් උඩ වනා තිබූ චිත්තය නැවත ගෙනත් මාලනි ෆොන්සේකා අත තැබූ ආකාරයත්, ඇය සුපුරුදු සිනහවෙන් මා දෙස බලා හිස සැලූ ආකාරයත් මට අද මෙන් මතකය.

සවස් වන විට පිරිස එකතු වී නළු නිළියන් සමග ඡායාරූප ගත්හ. මමත් ඔවුන් සමග ඡායාරූප ගත්ත ද, පසු කලක මාගේ ඡායාරූපය හැර තනුජාගේත්, චමින්දගෙත් සුදු අයියලාගේත් ඡායාරූප පැමිණ තිබිණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha